මධු සමයේදී විවාහය, දෙකඩ නොවී බේරුණේ අනූනවයෙන් හේතුව වැජිනිස්මස් (යෝනිය හැකිලීමේ) රෝගය ද?

කන්‍යා පටලය පිළිබඳ ගැටලු නිරාකරණය කරන්නට ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ඉදිරිපත් වූ අවස්ථා ගැන ඔහු ආරෝග්‍යා වෙත පැවසීය. ඒ අතරින් මේ කතාව ඔබට වැදගත් වනු ඇතැයි සිතුණු නිසා මෙසේ සටහන් කරමි.
මා හොදින් දන්නා හඳුනන උසස් පවුලක තරුණයෙකු තම සහකාරිය ලෙස ඉතාමත් රූමත් වැදගත් පවුලක තරුණියක් විවාහය සඳහා තෝරා ගෙන තිබුණා. එම විවාහ මංගල උත්සවය සඳහා මටද ආරාධනා ලැබී තිබුණා. ඉතා උසස් ලෙස විවාහ මංගල්‍ය සංවිධානය කර තිබූ අතර ඔවුන් නවාතැන් ගැනීමට තීරණය කර තිබුණේ මහනුවර ප්‍රසිද්ධ හෝටලයකයි.
විවාහ මංගල්‍ය උත්සවයෙන් පසු මධුසමය සඳහා ඔවුන් පිටත් වූයේ සියලුදෙනාට ආචාර කිරීමෙන් පසුවයි.
සියලුම චාරිත්‍ර වාරිත්‍ර නිසි පරිදි සිදු කෙරුණු මෙම මංගල්‍යයේදී මනාලිය දැඩි වෙහෙසකර තත්ත්වයක සිටියා. කෙසේ වෙතත් ඔවුන් සිනාමුසු මුහුණින් මධුසමය සඳහා පිටත්ව ගියා. රාත්‍රී එකොළහට පමණ
මාගේ දුරකථනයට මනමාල මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා.
දුරකථන ඇමතුමට අනුව මනමාල මහතා කියා සිටියේ තම සහකාරිය සමඟ ලිංගිකව එක්වීමට කෙතරම් උත්සාහ කළද ඇය ඊට සහායක් ලබා නොදෙන බවයි.
ඇයද සිය කැමැත්තෙන් ලිංගික එක්වීමට සිටියද, අවසාන මෙහොතේදී දැඩි ෙවිදනාවක් ගෙන දෙන බව පවසා ඇය ඉන් ඉවත් වෙනවා යැයිද මනමාල මහතා පවසා සිටියා.
මේ කාරණා ගැන අවධානය යොමුකළ මා ඔවුනට පවසා සිටියේ තරමක් විවේකීව සිට නැවත එක්වීමට උත්සාහ ගන්නා ලෙසයි.
කෙසේ වුවත් නැවත පාන්දර හතරට පමණ මනමාල මහතාගෙන් ලැබුණ දුරකථන ඇමතුමකට අනුව ඔවුන්ට ලිංගිකව එක්වීමට නොහැකි වී තිබුණා.
මනමාල මහතා මාගෙන් ඉල්ලා සිටියේ උදාවී ඇති තත්ත්වය නිවෙස්වලට පැවසිය නොහැකි නිසා තමන්ට අවශ්‍ය උපදෙසක් ලබාදෙන ලෙසයි. ඔවුන්ගේ ඉල්ලීමට අනුව ඔවුන් නැවතී සිටි හෝටලයට පාන්දර 5.30ට පමණ යෑමට මට සිදු වුණා.
හෝටලයට ගිය මාව ඉතා උණුසුම් ලෙස මනමාල මහතා පිළිගත්තද මනමාලිය තරමක් ලැජ්ජාවෙන් ඇඹරෙන අයුරු මට දකින්නට ලැබුණා.
මෙවැනි අවස්ථාවකදී දෙදෙනා අතර ඉතා සුහද මෙන්ම සැහැල්ලු කථාබහක් ඇතිවිය යුතු බව මම ඔවුන්ට පැවසුවා.
කෙසේ වුවත් මනාලිය මෙන්ම මනමාල මහතාද ලොකු තැති ගැන්මක සිටින බව මට තේරුම් ගියා.
ඔවුන් අස්වසාලමින් මෙවැනි තත්ත්ව ඇතිවන බවත් ඒවාට විසඳුම් තිබෙන බවත් පවසා සිටි මා මනාලිය සමඟ කථාබහ කළා.
ඇය පැවසූ කරුණු අනුව ඇය වැජිනිස්මස් හෙවත් යෝනිය හැකිලීමේ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව මට තේරුම් ගියා.
“අනේ ඩොක්ටර් මම මෙයාට බියර් ටිකකුත් බොන්න දුන්නා. ඒත් හරිගියේ නැහැ” මනමාල මහතා මා අසළට පැමිණ පැවසුවා. මනමාල මහතා දැඩි නොවිසිලිමත් බවකින් පෙළෙන බව මට තේරුම් ගියා.
“ඩොක්ටර් දැන් ගෙදරින් එනවා මම මොකද කරන්නේ...? මට තියෙන එකම ප්‍රශ්නෙ මේ සුදු රෙද්ද” යැයි පවසමින් මනමාල මහතා නිදන ඇඳ මත පොඩිවී තිබූ සුදු රෙද්ද ඇඳෙන් ඉවත්කොට පුටුවක් උඩට දැම්මේ මහත් කම්පනයකින් සහ තරමක තරහකින්ද යුතුවයි.
කෙසේ වුවත් මංගල දින රාත්‍රී මේ හේතුව නිසාම දෙදෙනා අතර බහින් බස්වීමක්ද සිදු වී ඇති බවද මට දැනගන්නට ලැබුණා. මෙවැනි තත්ත්ව වලදී දෙදෙනාම ඉතා ඉවසිලිවන්තව සිටිය යුතු බව පැවසූ මා මනමාල මහතාට පවසා සිටියේ “මේවා සුළු දේවල් වෛද්‍ය විද්‍යාව අනුව ඔය ප්‍රශ්නෙට උත්තරේ මම ළඟ තියෙනවා.
ඒක බොහොම පොඩි දෙයක්”
එසේ පැවසූ මා හෝටල් කාමරයෙන් පහළට බැස මාගේ කාරයේ වූ බෑගයෙන් අවශ්‍ය උපකරණනද රැගෙන නැවත හෝටල් කාමරයට පැමිණ අවශ්‍ය කටයුතු කිරීමෙන් පසු සුදු රෙද්ද හොඳින් පොඩි කොට මනමාල මහතා අත සුදු රෙද්ද තැබුවා. දැන් මේ සුදු රෙද්ද ගෙදරට පෙන්වන්න. හෝම්කමින් එකෙන් පස්සෙ මාව මුණ ගැහෙන්න යැයි පවසා මා හෝටලෙන් පිටත් වුණා. මනමාල මහතා සහ මනාලිය පුදුමයෙන් මෙන් මා දෙස බලා සිට මට මහත් පිං මෙන්ම ප්‍රසංසාවද පළ කළා.
එම සුදු රෙද්ද ගෙනගිය මනාල මහතාගේ ගෙදරත් මනාලියගේ නිවසේත් රතික්ඤා වැල් පත්තු කළ බව පසුව මට දැනගන්නට ලැබුණා.
විවිධ හේතුන් නිසා පළමු යෝනි සංසර්ගයේදී සමහර කාන්තාවන්ගෙන් රුධිරය පිට වීමක් බලාපොරොත්තු විය නොහැකියි.
කාන්තාවකගේ කන්‍යා පටලයේ ස්වභාවය සහ උපතින්ම කන්‍යා පටලයක් නොපිහිටීම නිසා කාන්තාවකගේ පළමු එක්වීමේ දිනයේදී රුධිර වහනයක් සිදුවිය නොහැකියි.
නමුත් සමාජ සම්මතයට පිටු පෑමට බොහෝදෙනා කැමැත්තක් දක්වන්නේද නැහැ. මේ නිසා වෛද්‍යරයකු ලෙස ඔවුන්ගේ අනාගතය ගැන සිතා ඔවුන්ට පිහිට වන්නට සිදු වෙනවා. පළමු එක්වීමේදී රුධිර වහනයක් සිදු නොවුණ කාන්තාවන් බොහෝදෙනෙකුට ඇයගේ ස්වාමි පුරුෂයාට සත්‍ය පවසා ඥාතීන්ගෙන් එන අපවාදයෙන් ඔවුන් වළක්වා ගැනීම සඳහා විවිධ උපක්‍රම සොයා දෙන්නට සිදුවෙනවා.
වැජිනිස්මස් රෝගය හෙවත් යෝනිය හැකිලීමේ රෝගය සහ ඊට ප්‍රතිකාර ලබන සතියේ

0 comments:

Post a Comment

Recent Post